Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම අවශ්‍ය ඉඩම් පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත බඳවා ගත් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම 2025 ජූලි මස දී රෝහල් පාදක සායනික පුහුණුව ආරම්භ කිරීමට නියමිත බවයි.
දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතන පරිශ්‍රයේ (SAITM) පවතින පහසුකම් භාවිත කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට සහ වෛද්‍ය සිසුන්ගේ රෝහල් පාදක පුහුණු කටයුතු සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් භාවිත කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබී ඇත.
එහෙත්, එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව හා ඔවුන්ගේ රෝග විවිධත්වය ප්‍රමාණවත් නොවීම සහ රෝහල් කාර්ය මණ්ඩලයේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික මහාචාර්ය ඒකක පුහුණු වීම් සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල භාවිත කිරීම ගැටලු සහගත බව පෙනී ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින්, එම වෛද්‍ය සිසුන් හට ගුණාත්මක රෝහල් පාදක පුහුණුවක් ලබාදීම තහවුරු කිරීම සඳහා කළුතර ශික්ෂණ රෝහල හා ගල්ලස්ස මාතෘ හා ළමා රෝහල යොදා ගැනීමටත්, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටස් 02ක් එම විශ්වවිද්‍යාලය වෙත පවරා ගැනීමටත් කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart