42.31%
17.27%
32.76%
September 17, 2023

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) ටයර් සැපයීම සඳහා රුපියල් මිලියන 566 ක ටෙන්ඩරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

කෙසේවෙතත්,මෙම ටෙන්ඩරය ඇගයීම සිදුකර ඇති තාක්ෂණික කමිටුව විසින් ජයග්‍රාහී ලංසුකරුගේ භාණ්ඩ සාම්පල ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූල නොවන පෙන්වාදී තිබේ.

ලංගමයේ ටයර් සඳහා මාස හතරක අවශ්‍යතාවයට සමාන ඇණවුම මෙලෙස ලබාදී ඇත්තේ, M/s Ferentino Tre Corporation (Pvt) Ltd නම් සමාගමක් වෙතය.

මෙම සමාගම ආන්දෝලනාත්මක ව්‍යාපාරික නන්දන ලොකුවිතානට අයත් වේ.

2017 වසරේදී හොරණ ප්‍රදේශයේ ඉඩම් අක්කර 100ක බදු වාරිකයේ දැවැන්ත වට්ටමක් සහ විශාල බදු සහන ඇතුළුව ඔහු තම කර්මාන්ත ශාලාව පිහිටුවීමට යහපාලන රජයෙන් ගනුදෙනුවක් ලබාගත්තේය.

මෙම ටයර් ටෙන්ඩරයේදී Ferentino සමාගමේ තරගකරුවා වූ M/s CEAT Kelani International Tyres (Pvt) Ltd සමාගමේ ලංසුව ඉහළ අගයක් ගැනීම සහ තවත් අවශ්‍යතා සපුරාලීමට සමත් නොවීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබේ.

කෙසේවෙතත් CEAT Kelani International Tyres සමගම විසින් පසුව අභියාචනයක් ඉදිරිපත් කරමින් Ferentino සමාගමට ටෙන්ඩරය ලබාදීම අභියෝගයට ලක්කර තිබේ.

කෙසේ වෙතත්, අභියාචනය ප්‍රතික්ෂේප වී ඇති අතර, Ferentino වෙත ටෙන්ඩරය පිරිනැමීමට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ තීරණය තහවුරු කර තිබේ.

කැබිනට් මණ්ඩලය පසුව Ferentino ලංසුව අනුමත කර ඇත.

ටයර් සහ රේඩියල් සඳහා වන ශ්‍රී ලංකාවේ විශාලතම නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙස හඳුන්වමින් Ferentino Tyre Corporation (Pvt) Limited කර්මාන්ත ශාලාව 2021 වසරේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් විවෘත කෙරිණි.

එම විවෘත්ත කිරීමට කර්මාන්ත ඇමැති විමල් වීරවංශ, වරාය සහ නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන යන අයද එක්ව සිටියහ.

(The Sunday Times)

 

42.31%
17.27%
32.76%