December 24, 2024

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාමයෝජනා කැදවීම සඳහා වන නව කෙටුම්පතට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අනුව නව පනත් කෙටුම්පත සකස් කළ බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති රුවන් සෙනරත් පැවසීය.

පනත් කෙටුම්පත නීතිපතිවරයා ද අනුමත කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කළේය.

පනත් කෙටුම්පත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ඊයේ ප්‍රකාශ කර තිබුණේ පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත සංශෝධනය වූ පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

අවශ්‍ය ක්‍රියාපටිපාටි අවසන් වූ පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රකාශ කළේය.

 

42.31%
17.27%
32.76%