Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් මුදාහළ නීත්‍යනුකූල ලියාපදිංචි කර නොමැති නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබා ගත් සියලු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස්පති සහ නීතිපතිවරයාට මැන්ඩමස් ආඥාවක් නිකුත් කළේය.
නව රෙගුලාසිවලට අනුව අලි ඇතුන් ලියාපදිංචි කිරීම අභියෝගයට ලක්කරමින් පාරිසරික සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා සත්ත්ව සහ පරිසර යුක්ති කේන්ද්‍රය යන ආයතන විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් හතරකට අනුව අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරුවරු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව බලරහිත කරමින් අලි ඇතුන් යළි නිදහස් කිරීමට එරෙහිව අධිකරණය තවදුරටත් සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කළේය.
හිටපු වනජීවී ආරක්ෂක රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක 2021 වසරේ දී හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.
මෙම නව රෙගුලාසියට අනුව හීලෑ අලියකු ලියාපදිංචි කර බලපත්‍රයක් නිකුත් කිරීමේ බලය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරී ඇත.
2021 අගෝස්තු 19 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 2241/41 හි ප්‍රකාශයට පත් කරන ලද 2021 අංක 01 දරන (හීලෑ අලි ඇතුන් ආරක්ෂා කිරීම, යහපැවැත්ම සහ විධිමත් කිරීම) වන සත්ත්ව සහ තුරුලතා පනතේ 5(1), සහ 5(2), 6(2) සහ 7(1) හි රෙගුලාසි මත පදනම්ව ලියාපදිංචි කිරීම හෝ බලපත්‍ර නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ සියලුම තීරණ අවලංගු කරමින් අධිකරණය තවදුරටත් සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කළේය.
මෙම නඩුවේදී පෙත්සම්කරුවන් කියා සිටියේ අලි ඇතුන් අපරාධකරුවන්ට නැවත නිදහස් කිරීමට ගත් තීරණය අලි සංරක්ෂණය සහ ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවලට පටහැනි බවයි.
අලියකුට නිසි සැළකිල්ල සහ යහපැවැත්ම සහතික කිරීම ඵලදායී ලෙස සිදුකළ හැක්කේ අලි ඇතුන් සහ ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ දැඩි දැනුමක් ඇති පුද්ගලයන්ට පමණක් බව පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
නීතිවිරෝධී ලෙස වනයෙන් අල්ලා වංචනික ලේඛන යටතේ සන්තකයේ තබා ගත් බවට චෝදනා එල්ල වී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටි අලි ඇතුන් 15 දෙනෙකු අදාළ පුද්ගලයන්ට යළි නිදහස් කළ බවට පරිසර සංවිධාන චෝදනා කර ඇත.
පරිසර සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ප්‍රශානිති මහින්දරත්න, දිලුමි ද අල්විස්, ලක්මිණි වරුසවිතාන සමඟ පෙනී සිටියහ.
පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ පෙනී සිටියේය.
සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියහ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්ක ද සිල්වා බාලපටබැඳි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart