Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොත් සඳහා මේ වසර ආරම්භයේ සිට සියයට 18ක වැට් බද්ද පැනවීමත් සමඟ මේ වසරේ ජනතාවගේ පොත් මිලදී ගැනීමේ හැකියාව සියයට 17කින් පහත වැටී තිබේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙම පියවරට එරෙහිව පැවති රජයට බලපෑම් කළ ද එය අසාර්ථක විය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වසරේ පාර්ලිමේන්තු සැසිවාරයකදී වරක් ප්‍රකාශ කළේ තමන් පොත් සඳහා සියයට 18ක වැට් බද්ද නිදහස් කරන බවයි.
එහෙත් ඔහුට එය සිදු කිරීමට නොහැකි විය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සහ කර්මාන්තයේ තවත් ආයතන තුනක් එක්ව වත්මන් ජාතික ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටියේ ලබන වසරේ පාර්ලිමේන්තුවේදී 2025 පළමු ජාතික අයවැයෙන් පොත් සඳහා සියයට 18ක වැට් බද්ද නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර අවධාරණය කළේ සියයට 18ක වැට් බද්ද ඇතුළත් පොත්පත් මිලදී ගැනීමට පොත් කියවන්නන්ට හැකියාවක් නොමැති බවයි.
“පොත් සඳහා වන වැට් බද්ද 2025 ආරම්භයේදීම නිදහස් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් මුද්‍රණ යන්ත්‍ර අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී සියයට 30කට වැඩි වැට් බද්දක් වදිනවා. පොතක් මුද්‍රණය කිරීම සඳහා ආනයනය කරන අමුද්‍රව්‍යවලින් සියයට 90කට වැට් බද්ද ඇතුළත්,” යැයි පොත් ප්‍රකාශකයකු වන පූජ්‍ය ඇඹිලිපිටියේ විජිත හිමියෝ අවධාරණය කළහ.
ඒ අනුව සියයට 18ක අතිරේක වැට් බද්ද පාඨකයාට බරක් බව ඔවුන්ගේ මතය වී තිබේ.
“වර්තමාන රජය සමන්විත වන්නේ අප විශ්වාස කරන පරිදි උගත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමකින් බැවින් ඔවුන් 2025 අයවැය යෝජනාවලියේ සියයට 18ක වැට් බද්ද නිදහස් කිරීමට සළකා බැලිය යුතුයි ” යනුවෙන් ඔහු සඳහන් කළේය.
පොත් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති, ප්‍රදීප් සමරනායක සඳහන් කළේ, 2023 වසරට සාපේක්ෂව මේ වසරේ පොත් මිලදී ගැනීම් සියයට 17කින් අඩු වී ඇති බවයි.
“අලුත්ම පොත් මිලදී ගැනීම මිල අධික බැවින් පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් පොත් ඡායා පිටපත් කරමින් සිටිනවා. අපේ පොත් මිල වැඩි නිසා විදේශීය වෙළෙඳපොළේ තරග කරන්න බැහැ. ශ්‍රී ලංකාව ගෝලීය සාහිත්‍යයට ප්‍රවේශ වෙන්න ඕනේ.” යනුවෙන් ඔහු සඳහන් කරයි.
මේ අතර පසුගිය මාසයේ ශ්‍රී ලංකා කෘෂිකර්ම සංවර්ධන කවුන්සිලය විසින් සංවිධාන කරන ලද රැස්වීමකදී ජනාධිපතිවරයාගේ ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ පොත් සඳහා දැනට පවතින සියයට 18 වැට් බද්ද සියයට හතක් හෝ පහක් තරම් අඩු අගයකට අඩු කිරීමට සළකා බලමින් පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart