June 11, 2024

ප්‍රති­කාර ගැනී­මට රෝගි­යකු රැගෙන පැමිණි පිරි­සක් ලෙස හැසි­රෙ­මින් සීදූව අම­න්දො­ළුවේ පිහිටි පෞද්ග­ලික වෛද්‍ය මධ්‍ය­ස්ථා­න­ය­කට කඩාවැදුණු තිදෙ­න­කු­ගෙන් සම­න්විත කොල්ල කල්ලි­යක් වෛද්‍ය­ව­ර­යාට සහ හෙද නිල­ධා­රි­නි­යට පිහි පෙන්වා රුපි­යල් ලක්ෂ 08කට අධික දේපළ කොල්ලකා පළාගොස් ඇත.

මෙම කොල්ලය සිදුව ඇත්තේ පසු­ගිය 08 වැනිදා රාත්‍රී 10.00ත් 11.30ත් අතර කාලය තුළදී බව සීදූව පොලි­සිය සඳ­හන් කළේය.

මුලින්ම කොල්ල කල්ලිය විසින් හෙද නිල­ධා­රි­නිය බියගන්වා ඇගේ ගෙළ බැඳි රන් මාල­යත් වළලු දෙකත් අත් පළ­ඳ­නා­වත් කොල්ලකා ඇති බව පොලි­සිය කියයි.

අන­තු­රුව ඔවුන් වෛද්‍ය ප්‍රති­කාර මඟින් උපයා තිබුණු රුපි­යල් 35,000ක මුද­ලක් සමඟ වෛද්‍ය­ව­රයා සතුව තිබුණු ජංගම දුර­ක­ත­න­යද කොල්ලකා පළාගොස් තිබේ.

මේ ආකා­ර­ය­ටම මෑත­කදී බඩ­ල්ගම පිහිටි වෛද්‍ය මධ්‍ය­ස්ථා­න­යක්ද කොල්ලකා තිබිණි.

පොලි­සිය සැක ක­ර­නුයේ මෙම වෛද්‍ය මධ­ස්ථාන දෙකම කොල්ලකා ඇත්තේ එකම කණ්ඩා­ය­මක් විසින් බවය.

42.31%
17.27%
32.76%