November 30, 2023

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස ආරාධනා කර ඇති නමුත් ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කර ඇත.

“රොෂාන් රණසිංහට සජබට එන්න කියලා ආරාධනාවක් කරලා තියෙනවා. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ මුල් තීරණය අපි වෙනස් කරන්නේ නැහැ. සභාපතිකමට පිටස්තර අය ඉදිරිපත් කිරීමේ ප්‍රතිපත්තියක් සජබ සතුව නැහැ.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර ඇත.

පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකවරයා ජනාධිපති ධූරයට තරග නොකළේ මන්දැයි විමසූ විට මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායම කළ ඉල්ලීමකට ඔහු කන්දුන් බවයි.

“අලහප්පෙරුම මන්ත්‍රීවරයාට සහාය දෙන ලෙස විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් කළ ඉල්ලීමකට අපේ නායකයා කන්දුන්නා. ඔහුට ඒ වන විට ජනාධිපති වීමට තරම් ඡන්ද ප්‍රමාණයක් සභාවේ තිබුණේ නැහැ.”

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන සිදු කර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකම දිනයක පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරයා එහිදී යෝජනා කර ඇත.

42.31%
17.27%
32.76%