Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ (SJB) සභික නයන වාසලතිලක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමේ ලැයිස්තුවේ ඊළඟට සිටින බව සජබ නිවේදනය කරයි.
සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ, සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ චමින්ද විජේසිරිගෙන් පසුව නයන වාසලතිලක මීළඟට ලයිස්තුවේ රැඳීසිටින බවයි.
චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීම, ඔහු අද පාර්ලිමේන්තුවේදී කළ නිවේදනයක් මගින් තහවුරු විය.
අද පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කියාසිටියේ තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදුන් බවයි.
තමන් සජබ හැර නොයන බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා කියාසිටියේ, පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස බලයට පත් වූ පසු සජබ යටතේ යළි දේශපාලනයට පිවිසීම පිළිබඳව සලකා බලන බවයි.
ඕස්ට්‍රේලියාවට සම්බන්ධ ව්‍යාපාර රැසක් ඇති ව්‍යාපාරිකයකු වන නයන වාසලතිලක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කළද පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට අපොහොසත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart