October 27, 2024

සිය ගමන් මල්ලේ සහල් පැකට්ටුවක් තුළ සඟවා තිබූ රුපියල් මිලියන 73.64ක් සමග කටුනායක ගුවන් තොටුපොළින් පිටවීමට මගියෙකු උත්සාහ කිරීමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු රැගෙන යෑමට ගුවන් තොටුපළට පැමිණි තවත් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.

ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයකු වන මෙම මගියාට කුකුළු ගොවිපළක් ඇති බව වාර්තා වේ.

ඔහු කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන විට සහල් පැකට්ටුවක් තුළ තම ගමන් මල්ලේ ‘අයිස්’ කිලෝග්‍රෑම් 5.026ක් සඟවා ගෙන පැමිණ ඇත.

අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා වෑබොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කුලී රථ රියදුරකු සහ ඔහුගේ සහායිකාවක් වන පානදුර, වාද්දුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකි.

42.31%
17.27%
32.76%