Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුබසාධන වියදම්වල තියුණු වැඩිවීමක් සහිත මධ්‍ය කාලීන මූල්‍ය රාමුවක් මත පදනම් වූ “සමාජ ආරක්ෂණ හා සුබසාධන අයවැය 2024” මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2024 සඳහා ශ්‍රී ලංකාවේ සුබසාධන ප්‍රතිපාදන පසුගිය අයවැයේ රු. බිලියන 65ට සාපේක්ෂව මෙවර රු. බිලියන 200ක් ලෙස සැළකිව යුතු ලෙස ඉහළදමා ඇති බව මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.
දැනට පවතින වැට් බද්ද සහ භාණ්ඩ බද්ද සංශෝධනය කරන අතරම දේපළ සහ ඉඩම් බදු ඇතුළු නව සෘජු බදු කිහිපයක් හඳුන්වාදෙමින් පවතින බදු ක්‍රමය පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.
රාජ්‍ය සේවයේ වැටුප් හා පෞද්ගලික අංශයේ වැටුප් සංශෝධනයට අදාළ ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති හෙට අයවැයෙන් එළිදැක්වීමට නියමිතව තිබේ.
මිලියන 1.4ක රාජ්‍ය සේවකයන්ගේ සහ ලක්ෂ 6ක විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී මුදල් අමාත්‍යංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුළුල් විශ්ලේෂණයක් කිරීමට සිදුව තිබිණි.
රාජ්‍ය සේවකයකුට රුපියල් 10,000කින් පඩි වැඩි කළද රජයේ මාසික වියදම රු.බිලියන 14කින් සහ වසරකට රුපියල් බිලියන 168කින් ඉහළයන බව හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙක් හෙළි කළේය.
මෙය ජාතික අයවැය දෙපාර්තමේන්තුවට අභියෝගාත්මක කාර්යයක් වනු ඇති බවත්, රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම් වාරික දෙකකින් වුවද ලබාදීමේ හැකියාව පවතින බවත්, ඒ අනුව පෞද්ගලික අංශයටද එය අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් ඔහු පැවසීය.
“මේ සම්බන්ධයෙන් මූලික මූල්‍ය න්‍යාය වන්නේ පෞද්ගලික ණය වර්ධනයේ සීමාව තුළ රුපියලේ ස්ථාවරත්වය පවත්වා ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමයි,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
රජය දැනට පවතින බදු අනුපාත සහ පදනම් සඳහා අවශ්‍ය ගැළපීම් සිදු කරනු ඇති අතර බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ අනුකූලතාව වැඩි කිරීම සඳහා අයවැය යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2024 අයවැයේ අධික වියදම් පියවීමට රුපියල් ට්‍රිලියන 5ක පමණ දේශීය ණය ලබාගැනීමට රජය යොමු වනු ඇති බවටද අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart