June 1, 2024

බ්‍රිතාන්‍ය ක්‍රිකට් පාලකයන් විසින් කරනු ලැබූ දූෂණ විරෝධී පරීක්ෂණයකින් අනතුරුව, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයිඩන් කාර්සේට මාස 16ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර එම තහනමෙන් මාස 13ක තහනම වසර දෙකකට අත්හිටුවා තිබේ.

2017 සහ 2019 අතර විවිධ ක්‍රිකට් තරඟ සඳහා ඔට්ටු 303ක් තැබීම සම්බන්ධයෙන් කාර්සේට චෝදනා එල්ල වී තිබේ.

කාර්සේ ඔහු සහභාගී වන තරඟ සඳහා ඔට්ටු අල්ලා නැත.

ඔහු චෝදනා පිළිගෙන, විමර්ශනය පුරාම ක්‍රිකට් පාලකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන්සැළකිව යුතු පසුතැවිල්ලක් ප්‍රදර්ශනය කර ඇත.

ක්‍රිකට් නියාමකයා සහ ක්‍රිකට් විනය කොමිසම විසින් සම්බාධක තීරණය කිරීමේදී අනෙකුත් සැළකිව යුතු අවම කිරීමේ සාධක සළකා බලා තිබේ.

ඒ යටතේ කාර්සේ 2024 මැයි 28 සහ 2024 අගෝස්තු 28 අතර ඕනෑම ක්‍රිකට් ක්‍රීඩාවකට ක්‍රීඩා කිරීම අත්හිටුවනු ඇත.

කාර්සේ ඉදිරි වසර දෙක තුළ දූෂණ විරෝධී නීතිවලට පටහැනිව කිසිදු වරදක් සිදු නොකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව ඔහු තවදුරටත් දඬුවම්වලට මුහුණ නොදෙනු ඇත.

ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ නීතිවලින් අදහස් වන්නේ ලෝකයේ ඕනෑම තැනක ඕනෑම ක්‍රිකට් ක්‍රීඩාවකට ඔට්ටු ඇල්ලීමට වෘත්තීය සහභාගිවන්නකුට (ක්‍රීඩකයකු, පුහුණුකරුවකු හෝ වෙනත් සහායක කාර්ය මණ්ඩලයක්) අවසර නොමැති බවයි.

බ්‍රිතාන්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අතිරේක අධ්‍යක්ෂ ඩේව් ලුවිස් පැවසුවේ, “ක්‍රිකට් නියාමකවරයා ඕනෑම විෂමාචාර නීති කඩකිරීමක් බැරෑරුම් ලෙස සළකන බවයි.