October 23, 2024

මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ද ඔවුන්ගේ එහි සංචාරක උපදෙස් මාලාව යාවත්කාලීන කර ඇත.

ඒ, ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි විදේශීය සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කොළඹ අමෙරිකානු තානාපති කාර්‍යාලය අනතුරු ඇගවීමක් නිකුත් කිරීමත් සමගයි.

ඒ අනුව, බ්‍රිතාන්‍ය ජාතිකයන්ටද ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරය කිරීම අනතුරුදායක බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

එම යාවත්කාලීන කිරීම මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ඇතුළත් වේ.

42.31%
17.27%
32.76%