October 29, 2023

මතභේදයට තුඩු දී ඇති මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත නොමැතිව වුවද සමාජ මාධ්‍ය භාවිතය සහ අපයෝජන නියාමනය කිරීම සඳහා නීති ගෙන එන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර තිබේ.

එම පනත් කෙටුම්පතේ තත්ත්වය සහ මෑතකදී කරන ලද නිරීක්ෂණ පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කරන ලද විමසීමකදී මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතක් අත්‍යවශ්‍ය වන අතර එය වහා පැමිණෙනු ඇති බවයි.

පවතින පනත් කෙටුම්පත සංශෝධනය කරන්නේද නැතහොත් නව පනතක් කෙටුම්පත් කරන්නේද යන්න තීරණය කිරීමට අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු පවසා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින වත්මන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන්ට ප්‍රකාශයක් කළ නොහැකි නමුත්, වත්මන් පනත් කෙටුම්පතට සංශෝධන හෝ වත්මන් පනත් කෙටුම්පතේ මූලික කරුණු භාවිත කරමින් කෙටුම්පත් කරන ලද නව පනත් කෙටුම්පතක් මගින් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව ඇමැති අලස් පවසයි.

නව නීති සම්පාදනය කරන්නේ කුමන අංශය ඉලක්ක කරමින්ද යන්න පිළිබඳ අදහස් දැක්වීමද ඇමැතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත නිල වශයෙන් ඉල්ලා අස්කර ගෙන නොමැති බව ද ඇමැතිවරයා අවධාරණය කර ඇත.

“අපි බලාගෙන ඉන්නවා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනතුරු. මේ වන විට පනත නිල වශයෙන් ඉල්ලා අස්කරගෙන නැහැ.” යනුවෙන් ඔහු පවසයි.

යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 50කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර තිබිණි.(Sunday Morning)

42.31%
17.27%
32.76%