Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුතින් පැනවූ එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් (VAT) නිසා ජනතාවගේ දුක්ඛිත තත්ත්වය තවදුරටත් වැඩි වන බවත්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජීවිත හානි සිදුවිය හැකි බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනතුරු අඟවයි.
ප්‍රේමදාස මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, පවුලේ අවශ්‍යතා සපුරාගැනීමට සහ දරුවන්ට පෝෂණය කිරීමට නොහැකිවීම හේතුවෙන් සිදුකර ගත් සියදිවි නසාගැනීමේ සිද්ධීන් වාර්තා වන බවයි.
වත්මන් රජය ජනතාවගේ දුක තවත් වැඩි කරමින් සිටින බව ප්‍රකාශ කරන විපක්ෂ නායකවරයා, මේ වසරේ ජනවාරි මාසයේ සිට නව වැට් බදු ප්‍රතිශතය ක්‍රියාත්මක කිරීම එවැනි පියවරක් බව ප්‍රකාශ කළේය.
වැට් බදු වැඩි කිරීම රජයේ ආදායම ඉහළ නැංවීමට ඇති එකම ක්‍රමය නොවන බව පෙන්වාදෙන ප්‍රේමදාස මන්ත්‍රීවරයා, රටෙන් සොරකම් කරන ලද මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය රාමුවක් සකස් කිරීම තවත් ක්‍රමයක් බව සඳහන් කළේය.
“වත්මන් ආණ්ඩුවට මේක කරන්න බැරි වෙලා තියෙන්නේ හොරු මත යැපෙමින් ජනාධිපති, අගමැති තනතුරු ලබා ගත්තු නිසා” යැයි ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුව හොරු ඇල්ලීම වෙනුවට ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායකවරයා වැඩිදුරටත් චෝදනා කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ පාසලක ඊයේ (ජනවාරි 02) පැවැති උත්සවයකට එක්වෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart