January 17, 2024

රුපියල් 10,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු නාරම්මල ප්‍රදේශයේ නිවසකදී අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

නාරම්මල ප්‍රදේශයේ පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නාරම්මල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලයකුගෙන් මෙම උපපොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවට දුන් පොරොන්දුව වෙනුවෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%