Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කණින ලද වැලි හා පස් නීතිවිරෝධී ලෙස කුඹුරුවලට, කලපු ඉඩම්වලට බැහැර කළ පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා ලක්ෂ 4ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ 2ක මුදලක් ලබාගත් බව කියන අක්කරෙයිපත්තුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා හා ඔහුගේ රියදුරා මෙම මස 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඊයේ (11)නියෝග කළේය.
ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා වන අහමත් හනිෆා අකීල් අහමත් හා ඔහුගේ රියදුරු ලෙස සේවය කළ බව කියන කාර්යාල කාර්ය සහායකයකු වන අබ්දුල්ලා නින්දවුස් නැමැති සැකකරුවන් දෙදෙනෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කණින ලද වැලි හා පස් එම ඉංජිනේරු කාර්යාලයට අයත් කලපු හා කුඹුරු වෙත බැහැර කිරීම නීතිවිරෝධී බවත් රජයේ සෙසු වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේද සහාය ලබාගෙන එම කටයුත්ත කිරීමට ඉඩ ලබාදීමට හැකි බව පවසමින්, ඔවුන් පැමිණිලිකරුගෙන් එම අල්ලස් මුදල ඉල්ලා ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart