December 17, 2024

හොරොන්පොතාන, ඇලපත්වැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ඇඟට ගසක අත්තක් කඩාවැටී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ(16) මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ, ඇලපත්වැව, මොරකෑව, හොරොව්වොතාන පදිංචිව සිටි ආර්.කේ. නෙසදු දුලාෂ් පෙරේරා නැමැති වයස අවුරුදු 5යි මාස 6ක පිරිමි දරුවෙකි.

මොරකැව ප්‍රදේශයේ පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි මෙම දරුවා පසුගිය 12 දා පෙර පාසල් අවසන් වීමෙන් අනතුරුව සෙල්ලම් කරමින් සිටියදී, ගසක අත්තක් කඩාවැටී අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.

එදින පෙර පාසල නිමවීමෙන් අනතුරුව පෙර පාසල් ගුරුවරිය දෙමාපියන් පිරිසක් කැඳවා, පෙර පාසලේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියදී, එම දරුවා ගල් කැට රැගෙන ඒ ආසන්නයෙන් සෙල්ලම් කරමින් සිට ඇති බවද දරුවාගේ මවගේ ප්‍රකාශ වල සටහන් වේ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%