Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩාවැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා, ඇයගේ 18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව කියන තරුණයකු(දියණියගේ පෙම්වතා) ඇතුළු දෙදෙනකු බෝර 12 ගිනි අවි දෙකක් සමග ඊයේ (13) අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඕවිට, මානික්කන්ද සහ කදන්ගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 17 සහ 19 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි.
අවුරුදු 18ක තම දියණිය ඉකුත් (12) රාත්‍රී පැහැරගෙන ගිය බවට එම තරුණියගේ මව විසින් දැරණියගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබිණි.
පැහරගත් බව කියන තරුණිය සහ සැකකරු අතර කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවක් තිබූ බව පොලිසිය කියයි.
එම ප්‍රේම සම්බන්ධතාවට තරුණියගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් දිගින් දිගටම විරෝධය දක්වා ඇති අතර, පසුව මව විසින් එම තරුණිය අත්තනගල්ල ප්‍රදේශයේ ඥාති නිවෙසක දින කීපයක් නවතා තබා නැවත ඉකුත් (12) දා දැරණියගල තම නිවෙසට කැදවාගෙන විත් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම තරුණිය මව සමග බස් රථයෙන් නැවත දැරණියගල නිවෙසට එන අතරවාරයේ සැකකාර තරුණයාට දුරකථන ඇමැතුමක් ලබාගෙන නැවත නිවෙසට එන බව පවසා ඇති බව පොලිසිය පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart