April 27, 2025

පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වූ බවත්, වින්දිතයා සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

පෞද්ගලික ආයතනයක හිමිකරු කාන්තා සේවිකාවක් සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඇගේ පෙම්වතා සහ තවත් පුද්ගලයකු වාහනයට බාධාකර ඔහුට පහර දී ඇති බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.