Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටවල් කිහිපයකින් සාමාජිකයන් ආකර්ශනය කරගන්නා බවුදි බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව වන ‘Ashara Mubaraka’ ශ්‍රී ලංකාවේ සිට පාකිස්ථානයේ කරච්චි නුවරට ගෙනගොස් තිබේ.
ඒ අනුව එම සමුළුවේ අමුත්තන් ලෙස පැමිණීමට නියමිතව සිටි පිරිසගෙන් ඇතැමකු කොළඹ සංචාරය අවලංගු කිරීමට කටයුතු කර ඇත.
එහෙත් මෙහි සිටින බෝරා ප්‍රජාව වෙනුවෙන් සජීවීව විකාශයක් සිදුකිරීමෙන් උත්සවයට සමසත්කාරකත්වය ලබාදීමට සූදානම් වේ.
හෝටල් හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ, සමුළුව මාරු කිරීම පිළිබඳව වාර්තා වූ විගසම සමහර වෙන්කිරීම් අවලංගු කර ඇති බවයි.
කෙසේවෙතත්, පාකිස්ථානයට යන විට වීසා ගැටළු ඇති විය හැකි පිරිස් ඇතුළු ඇතැම් පිරිස් කොළඹට පැමිණිය හැකි බව ඔහු සඳහන් කර ඇත.
බෝරා ප්‍රජාවේ ප්‍රකාශකයකු Sunday Times වෙත පවසා ඇත්තේ, ඔවුන් තවමත් විශාල අමුත්තන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
බෝරා අධ්‍යාත්මික නායකයාට ආරාධනා කිරීමට රටවල් කිහිපයක් කැමැත්තක් දක්වා ඇති බවත් ඒ අනුව කරච්චි නගරය තෝරාගෙන ඇති බවත් ඔහු පවසා ඇත.
මෙම උත්සවය ජූලි 6 වැනිදා සිට දින 10ක් පැවැත්වීමට නියමිතය.
මෙම උත්සවය සංස්කෘතික හුවමාරුව සහ අධ්‍යාත්මික පොහොසත් කිරීම පමණක් නොව රටේ ආර්ථිකයට දායක වෙමින් සංචාරක ක්ෂේත්‍රයට සැළකිව යුතු ප්‍රබෝධයක් ලබාදෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය මීට පෙර අපේක්ෂා කළේය.
මාර්තු මාසයේදී බොර නායක ආචාර්ය සයිඩ්නා මුෆද්දල් සයිෆුදීන් සහේබ්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
ශ්‍රී ලංකාව අවසන් වරට 2019 දී Ashara Mubaraka උත්සවයට සත්කාරකත්වය ලබාදුන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඉක්බිතිව, ආරක්ෂිත ගමනාන්තයක් ලෙස රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart