October 4, 2023

සුප්‍රසිද්ධ හින්දි නිළි ශ්‍රී දේවිය ඩුබායි හෝටලයක දී දියේ ගිලී මිය ගිය බව 2018 පෙබරවාරි 24 වැනිදා වාර්තා වූවද ඇයගේ මරණය අභිරහසක් වී තිබිණි.

ශ්‍රී දේවියගේ සැමියා වූ බොනී කපූර් ද මෙම මරණය සම්බන්ධයෙන් සැකයට පාත්‍ර වූ අතර, ඇයගේ මරණයෙන් වසර 05කට පසු පළමු වරට එම මරණයට හේතුව ඔහු අනාවරණය කර තිබේ.

මෙහිදී බොනී කපූර් පවසා ඇත්තේ, ඇය මරණයට පත් වූවේ ස්වාභාවිකව නොව හදිසි අනතුරකින් බවයි.

ශ්‍රී දේවිය සිරුරේ හැඩය ගැන සිතා කාලයක් තිස්සේ තදින්ම ආහාර පාලනය සිදුකර ඇත්තේ, පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් ද නොතකමින් බව පැවසේ.

ලුණු රහිත ආහාර පමණක් ආහාරයට ගෙන ඇති ඇය මෙම ආහාර පාලනය නිසා අධි රුධිර පීඩනයෙන් පෙළුණු බව ද ඔහු හෙළිකර ඇත.

‘ඉංග්ලිෂ් විංග්ලිෂ්’ සිනමා පටයේ රූගත කිරීම් වල නියැලෙන විට ඇයගේ ශරීරයේ බර කිලෝ 46ත් 47ත් අතර පැවති බව ඔහු පවසා ඇත.

දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි දකුණු ඉන්දීය නළු නාගර්ජුන පවසා ඇත්තේ, ශ්‍රී දේවිය ඔහු සමග රූගත කිරීම් සිදුකරන කාලයේ දැඩි ආහාර පාලනය නිසා වරක් ක්ලාන්ත වී ඇදවැටී දතක් ද කැඩී ගිය බවයි.