Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලයේ මධ්‍යම සිසේරියා නගරයේ පිහිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ආසන්නයට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ නිවස අසල ගෙවත්තට ගිනිදැල් දෙකක් පතිත වූ බව ආරක්ෂක අංශ සඳහන් කළ බවයි.
ඊශ්‍රායලය පවසන්නේ සිද්ධිය “බරපතළ” එකක් ලෙස සළකා කටයුතු කරන බවයි.
“අග්‍රාමාත්‍යවරයාගේ නිවසින් පිටත ස්ථානයකට ගිනිදැල් දෙකක් පතිත විය,” යනුවෙන් ඊශ්‍රායල පොලිසිය සහ ෂින් බෙට් අභ්‍යන්තර ආරක්ෂක ඒජන්සිය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
එල්ල වී ඇත්තේ ෆ්ලෑෂ් බෝම්බ දෙකක් බව සඳහන් වේ.
හමුදාව විසින් රාත්‍රී කාලයේ ආලෝකය සඳහා ඒවා භාවිත කරන බව පැවසේ.
“සිද්ධිය සිදුවන අවස්ථාවේ අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ අය නිවසේ සිට නොමැති බව ද,” ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙය බරපතල සිදුවීමක් සහ භයානක තත්වය උත්සන්න කිරීමක් බව ද ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.
ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් මෙම සිදුවීම හෙළාදකින අතර “ප්‍රසිද්ධියේ ප්රචණ්ඩත්වය වැඩිවීමට එරෙහිව අනතුරු අගවා ඇතැයි සඳහන් කර තිබේ.
ෂින් බෙට් ප්‍රධානියා සමඟ සාකච්ඡා කළ බවත්, සිද්ධියට වගකිව යුතු අය පිළිබඳව සොයාබලා කටයුතු කිරීමේ හදිසි අවශ්‍යතාවය ප්‍රකාශ කර ඇති බවද ඊශ්‍රායල ජනාධිපතිවරයා පවසා තිබේ.
මෙම සිදුවීම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart