January 12, 2024

තමා අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රසිද්ධිය ලබාගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාට විදේශ ගමන් තහනමක් පනවා ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) ඊට අදාළ නියෝගය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රා තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් මහෙහේස්ත්‍රාත්වරයා මෙම පුද්ගලයාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය.

42.31%
17.27%
32.76%