March 20, 2024

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග නැවතත් ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසෙන බව ප්‍රකාශ කිරීමට සමගාමීවම, ඔහු ආචාර ධර්ම කඩ කිරීමකට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වරදකරු බවට පත්කර ඇත.

හසරංග පසුගිය වසරේ ටෙස්ට් ආකෘතියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමේ තීරණය ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු, මෙලෙස ICCය විසින් ඔහුට බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් දෙකකින් සමන්විත තරඟාවලිය සඳහා අත්හිටුවා ඇත.

පසුගියදා නිමාවට පත් වූ බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි එක්දින තරගයේදී හසරංග “අන්තර්ජාතික තරගයකදී විනිසුරුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම” සම්බන්ධ ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය කඩකිරීම සම්බන්ධයෙන් වරදකරු විය.

තරගයේ 37 වැනි ඕවරයේදී හසරංග එක් විනිසුරුවරයකුගෙන්, ඔහුගේ තොප්පිය උදුරාගෙන තරගයේ විනිසුරුවරයා සමච්චලයට ලක්කිරීමත් සමඟ මෙම සිදුවීම සිදුවිය.

තරගය කඩුලු 04කින් ජයගත් බංග්ලාදේශය තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේය.

ඔහුට සියයට 50 ක දඩයක් නියම වූ අතර, ඔහු කළ වරදට වැරදි ලකුණු තුනක් එකතු විය.

මෙය මාස 24ක කාලයකදී ඔහුගේ සම්පූර්ණ දෝෂ ලකුණු 08 දක්වා වැඩිකර ඇත.

පසුගිය මාසයේ දඹුල්ලේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තුන්වැනි විස්සයි20 තරගයේදී දෝෂ ලකුණු 3ක් ලබා ගැනීමෙන් පසු ඒ වන විටත් ඔහු දෝෂ ලකුණු 05ක් ලබා සිටියේය.

ඒ අනුව ඔහුට බංග්ලාදේශයට එරෙහිව පන්දුවාර 20යි 20 තරග දෙකක තහනමක් පනවා තිබිණි.

මෙම අත්හිටුවීමේ ලකුණු හතර ටෙස්ට් තරග දෙකක හෝ එක්දින තරග හතරක හෝ T20I තරග හතරක තහනමකට සමාන වේ.

ඒ අනුව හසරංගට මීළඟට පැවැත්වීමට නියමිතව, ඔහුව හදිසියේ නම්කෙරුණු, බංග්ලාදේශයට එරෙහි ICC ලෝක ටෙස්ට් ශූරතා ටෙස්ට් තරග දෙක අහිමි වනු ඇත.

හසරංග මෙම ටෙස්ට් තරග දෙක සඳහා නම් නොකෙරුණේ නම්, තහනමට ලක්වීමට නියමිතව තිබුණේ, මීළඟට පැවැත්වෙන ICC ලෝක කුසලාන T20 තරග දෙකකි.