Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ ක්‍රියාකාරිකයකු වන නාමල් කුමාර විසින් කාදිනල් හිමිපාණන්ට හා කතෝලික ආගමට අපහාස කරනු ලැබීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඒ ප්‍රකාශය විකාශය වූ බව කියන ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට අයත් යූටියුබ් චැනලයට සහ රූපවාහිනී ආයතන පහකට එම සීඩී පට කොළඹ අපරාධ කොට්ඨාසයට දෙන ලෙස කොළඹ අංක 8 මහේස්ත්‍රාත් තරංගා මහවත්ත ඊයේ (26) නියෝග කළාය.
කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ දිනයේ මෝසමක් ගොනුකරමින් කොළඹ අලුත්කඩේ අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදුකළාය.
එම විමර්ශනයට අදාළව නාමල් කුමාර යන අය විසින් සිදුකළ ප්‍රකාශය විකාශය කළ නාළිකාවල දර්ශන ඇතුළත් සීඩී පට විමර්ශන සඳහා ලබාදෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.
මේ සම්බන්ධයෙන් ජාතික කතෝලික සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් පිළිබඳව සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් මෝසමක් ගොනුකරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ නියෝග සිදුකළාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශ ගෙන ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
එම නියෝගය රූපවාහිනී නාළිකාවල ප්‍රධානීන්ට සහ චමුදිත සමරවික්‍රමගේ යූටියුබ් නාළිකාවට නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස නියෝග කළාය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart