Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘අරගලය’ට සම්බන්ධ වී සිටි ක්‍රියාකාරීන් පිරිසක් වන ‘බ්ලැක් කැප් ව්‍යාපාරය’ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය පළ කරණ බව ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ පැහැදිලි ප්‍රතිපත්ති රාමුව ජනාධිපති අපේක්ෂකයන් අතර කැපී පෙනෙන බව ඔවුන් පවසා ඇත.
ඊයේ (5) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු හේමප්‍රිය කවිරත්න කියා සිටියේ රටේ අනාගතය සඳහා මනාව නිර්වචනය කළ උපාය මාර්ගයක් ඇති එකම අපේක්ෂකයා ජනාධිපතිවරයා බවයි.
අනෙකුත් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් පසුගිය පාලන සමයේදී අසාර්ථක වූ ආර්ථික සංකල්ප මත විශ්වාසය තැබීම සම්බන්ධයෙන් ඔහු විවේචනය කළේය.
“සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අප නිදහස ලබා දශක ගණනාවක් තිස්සේ අත්හදා බැලූ සුබසාධන රාජ්‍යයක් බවට පත් කරන බවට සපථ කරනවා.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට වසරකට පෙර ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ ද පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව ඔහු සඳහන් කළේය.
ජනාධිපති වික්‍රමසිංහ ලබාදුන් පොරොන්දු ඉටුකර ඇති බැවින් ඔහුට තවත් ධුර කාලයක් හිමිවිය යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.
“රාජපක්‍ෂ පවුල දේශපාලනයෙන් නෙරපා හැරීම ඇතුළු අරගලය තුළ මතු වූ බොහෝ ඉල්ලීම්වලට ජනාධිපති වික්‍රමසිංහ විසඳුම් ලබාදී තිබෙනවා. සූක්‍ෂමව නමුත් ඵලදායී ලෙස ඔවුන් දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉවත් කර තිබෙනවා,” යැයි කවිරත්න සඳහන් කළේය.
ජනාධිපති වික්‍රමසිංහගේ ජයග්‍රහණ හුවා දක්වමින් ඔහුගේ ප්‍රතිපත්ති රට ස්ථාවර කර ඇති බවත් ව්‍යාපාරයේ මූලික ඉල්ලීම් ඉටු කර ඇති බවත් පෙන්වා දුන් කවිරත්න, ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන වැඩකටයුතු දිගටම කරගෙන යෑමට වික්‍රමසිංහට අවස්ථාව ලබාදිය යුතු බවට තර්ක කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ එක්වීම සම්බන්ධයෙන් මතුව ඇති අවධානයට පිළිතුරු දෙමින් කවිරත්න සඳහන් කළේ, “ඔවුන් මහජන ඡන්දයෙන් පත් වූ දැනට සිටින මන්ත්‍රීවරුන්, අපි ඔවුන්ට ඡන්දය දුන්නේ නැහැ, නමුත් ඔවුන් මහජන ඡන්දයෙන් පත් වූ අය, මේ මොහොතේ අපට බැහැ ඔවුන්ට දේශපාලනය කරන්න එපා කියලා කියන්න. ඔවුන් ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුයි,” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart