Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ISIS ත්‍රස්ත සංවිධානය විසින් ශ්‍රී ලාංකිකයින් පිරිසක් යොදාගෙන ඉන්දියාවේ ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පුළුල් විමර්ශනයේදී, වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
ගුජරාටයේ ත්‍රස්ත විරෝධී ඒකකයට අනුව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ත්‍රස්ත සැකකරුවන්ගේ ඉලක්ක අතර ඉන්දීය පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයන් සහ එම පක්ෂයේ දෘෂ්ටිවාදාත්මක උපදේශකයා වන Rashtriya Swayamsevak Sanghද වන බව අනාවරණ වී ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ පවසා ඇත.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ISIS ත්‍රස්තවාදී කණ්ඩායම ඉන්දියාවේ අහමදාබාද් අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය බලධාරීන් මීට පෙර අනාවරණය කළේය.
පසුගිය ඉරිදා අත්අඩංගුවට ගත් සිව්දෙනාට පෙර ශ්‍රී ලංකා රැඳී සිටි තවත් ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවට පැමිණ තිබේද යන්න තහවුරු කිරීමට දෙරටේම ආරක්ෂක බලධාරීන් උත්සාහ කරමින් සිටියි.
ගුජරාටයේ ත්‍රස්ත මර්දන කණ්ඩායම විසින් අහමදාබාද්හි සර්දාර් වල්ලභායි පටෙල් අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් සිව්දෙනාගේ කණ්ඩායමේ මොහොමඩ් නුස්රාත් (33), මොහොමඩ් ෆාරිෂ් (35), මොහොමඩ් නෆ්රාන් (27) සහ මොහොමඩ් රෂ්ඩීන් ( 43) යන සැකකරුවන් සිටියි.
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැකකරුවන් දිරිමත් කර ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව ගුජරාට් පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් අනාවරණ වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය බව කියන ISIS සාමාජිකයින් හතරදෙනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විමර්ශනයක් සඳහා පරීක්ෂණ දියත් කර ඇති බවයි.
ඔවුන්ගේ විමර්ශනවල කොටසක් ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් දැනට ගුජරාට් පොලිස් භාරයේ සිටින සැකකරුවන් සිව්දෙනා පිළිබඳ තොරතුරු ඉල්ලා තිබේ.
තවද, මෙම සැකකරුවන් සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගුජරාට් පොලිසිය පැවසුවේ සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු මීට පෙර අවස්ථා 40කදී සහ 38කදී ඉන්දියාවට පැමිණ ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart