December 17, 2024

ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීමේදී රජයට මූල්‍ය අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයකුට කොළඹ මහාධිකරණයේදී අද අධිචෝදනා භාරදුන්නේය.

විත්තිකාර ජනප්‍රිය කරුණාතිලක කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ පෙනීසිටි අවස්ථාවේදී, රුපියල් 25,000 මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කළේය.

නඩු විභාගය අවසන් වන තුරු ඔහුට රටින් පිටවීම ද තහනම් කෙරිණි.

2015 අප්‍රේල් 7 වැනිදා සිට 2016 ජූලි 15 වැනිදා දක්වා කාලය තුළ ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩරයට අදාළව දූෂණයක් සිදුවී ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ අධි චෝදනා ගොනුකර ඇත.

නඩුව 2025 ජනවාරි 30 දින කැඳවීමට නියම කෙරිණි.

42.31%
17.27%
32.76%