July 21, 2024

ඉන්දියාවට එරෙහිව ලබන සෙනසුරාදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත තරගාවලිය සඳහා ජාතික T20 කණ්ඩායමේ ස්ථාන හිමිකර ගැනීමට බිනුර ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ, දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබේ.

ඔවුන් පසුගිය මාසයේ අමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් හි පැවති T20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූ ඩිල්ෂාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, සධීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා වෙනුවට ආදේශ කර ඇත.

වමතින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු LPL තරඟාවලිය තුළදී කලම්බෝ ස්ට්‍රයිකර්ස් වෙනුවෙන් තරඟ 8 කදී කඩුලු 13ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීය.

ඔහු දැක්වූ එම දක්‍ෂතාව මධුශංක වෙනුවට ජාතික කණ්ඩායමට කැඳවීමට හේතුවක් වී ඇත.

ඒ අනුව බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර සහ මතීෂ පර්තිරණ ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් වේග පන්දු බලඇණියකට එක්වෙයි.

චමිඳු වික්‍රමසිංහ LPL තරඟාවලියේදී තුන් ඉරියව් දස්කම් දක්වමින් බොහෝ දෙනා මවිතයට පත් කළේය.

LPL තරඟාවලියේදී ඔහු කළ බලපෑම සැළකිල්ලට ගනිමින් තේරීම් කමිටුව ඔහුට සංචිතයේ ස්ථානයක් ලබා දී ඇත.

ඔහු තරග අටකදී ලකුණු 186ක් ලබා ගත් අතර ඔහු දකුණතින් මධ්‍යම වේග පන්දු යැවීමෙන් කඩුලු 7ක් දවා ගත්තේය.

21 හැවිරිදි ඔහු අනාගතය සඳහා ආයෝජනයක් ලෙස සැළකේ.

පසුගියදා පැවති T20 ලෝක කුසලානය අහිමි වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා වන කුසල් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් විශිෂ්ට තත්ත්වයක පසුවන අතර ලෝක ශූරයන්ට එරෙහිව කීර්ති නාමය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් නැවත කැඳවා තිබේ.

චන්දිමාල් අවසන් වරට T20 අන්තර්ජාතික තරගයක් ක්‍රීඩා කළේ 2022 පෙබරවාරි මාසයේදී ඉන්දියාවට එරෙහිව වන අතර පෙරේරා මේ වසර මුලදී ඇෆ්ගනිස්ථාන තරගාවලියට ක්‍රීඩා කළේය.

චන්දිමාල් සහ පෙරේරා යන දෙදෙනාම තම කණ්ඩායම් වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ අතර, ඔවුන් පිළිවෙලින් ලකුණු 276ක් සහ 296ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරට එක්ව සිටිති.

මැතිව්ස් ද දකෂතා අතර සිටිය ද වැඩිමහල් ඔහු වෙනුවට ආදේශකයක් තේරීම් කමිටුව සොයමින් සිටින බැවින් ඔහු කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයකු ලෙස කටයුතු කරන වනිඳු හසරංගගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා නායකයා ලෙස උසස්වීම් ලැබු චරිත් අසලංක පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

කුසල් මෙන්ඩිස් ලෝක කුසලාන තරඟාවලියේදී සහ LPL තරඟාවලියේදී පවා නිහතමානී දස්කම් දැක්වීමක් සිදු කළද අසලංකගේ ඉල්ලීම මත තම ස්ථානය රැකගෙන ඇත.

මෙන්ඩිස් පසුගිය මාස 12 තුළ ඉනිම් 12කදී ලකුණු 259ක් ලබාගෙන ඇත්තේ සාමාන්‍ය 29.91ක් ලෙසිනි.

ශ්‍රී ලංකා දඟ පන්දු අංශයට හසරංග, මහේෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ ඇතුළත් වෙති.

මේ අතර, පසුගිය මාසයේ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු රෝහිත් ෂර්මා ඉවත් වූ පසු ඉන්දියාව ඔවුන්ගේ T20 නායකයා ලෙස සූර්යකුමාර් යාදව් නම් කළේය.

T20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉන්දීය කණ්ඩායමේ ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරුවකු වන සූර්යකුමාර් නව පුහුණුකරු ගෞතම් ගාම්භීර්ගේ ප්‍රධානතම තේරීම ලෙස රැඳී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

T20 ලෝක කුසලානයේ රෝහිත්ගේ දෙවැනියා වූ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා මුලින් එම කාර්යය සඳහා ඉදිරියෙන්ම සිටි නමුත් ඔහුගේ නිරන්තර ආබාධ බිඳවැටීම් හේතුවෙන් ඔහුට නායකත්වය අහිමි විය.

පාණ්ඩ්‍යා තවමත් T20 සංචිතයේ සාමාජිකයකු ලෙස සිටී.

ඉන්දියාව අවසන් වරට 2021 දී ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ විට ඔවුන්ව 2-1කින් පරාජය කරන ලදී.

දෙරට එකිනෙකා සමඟ 29 වතාවක් තරඟ කර ඇති අතර ඉන්දියාව ජයග්‍රහණ 19ක විශිෂ්ට වාර්තාවක් සමගින් ඉදිරියෙන් සිටී.

ශ්‍රී ලංකාව ජයග්‍රහණ 9ක් ලබා ඇති අතර එක් තරගයක් ප්‍රතිඵලයක් නොමැතිව අවසන් විය.

ඉන්දීය කණ්ඩායමේ ඉදිරි සංචාරය වෙනුවෙන් නම් කරනු ඇති බවට සිතිය හැකි ශ්‍රී ලංකා සංචිතය වන්නේ චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩ්ස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ , නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ අවිශ්ක ප්‍රනාන්දුයි.