March 24, 2025

පුහුණු නියමුවන්ගේ අතින් සිදු වූ අත්වැරදීමක් හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානයක් මෑතකදී අනතුරට ලක් වූ බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

වාර්තාකරුවන්ට අදහස් දක්වමින් අමාත්‍ය රත්නායක පැවසුවේ, අනතුර පිළිබඳව විමර්ශනය කරන විශේෂයෙන් පත්කරන ලද තාක්ෂණික කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවයි.

වාර්තාවට අනුව, ගුවන් යානා සහ එන්ජින් පැරණි නොවන බවත් හොඳින් නඩත්තු කර ඇති බවත් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

පසුගිය සතියේ සිදුවූ ගුවන් හමුදා ගුවන් යානා අනතුරට එකම හේතුව මෙය බවත්, අනතුර පිළිබඳ තාක්ෂණික වාර්තාවේ සොයාගැනීම මෙය බවත් අමාත්‍ය බිමල් රත්නායක අවධාරණය කළේය.

මාර්තු 21 වන සිකුරාදා වාරියපොළදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් කඩාවැටිණි.

නියමුවන් දෙදෙනකු සමඟ K-8 පුහුණු ජෙට් යානයක් හදිසියේම රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහී ගොස් පසුව වාරියපොල මිනුවන්ගෙටේ දී කඩාවැටී ඇත.

කෙසේවෙතත්, නියමුවන් දෙදෙනාම ආරක්ෂිතව පිටතට පැනගැනීමට සමත් වූ අතර, ඔවුන් කුරුණෑගල පාදෙනිය ප්‍රදේශයේ පාසලකට ගොඩබැස තිබිණි.