Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොවිඩ්-19 වෛරසය මෙරට පැතිර තිබූ සමයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) අනුමැතිය නොමැති සමාගමක් වෙතින් රුපියල් මිලියන 2000කට අද්ධික වටිනාකමකින් යුත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගෙන ඇති බව අද පාර්ලිමේන්තුවේදී හෙළිවිය.
විපක්ෂයෙන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස අනාවරණය කරනු ලැබුවේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදී නොමැති දිවැස ෆාමා කලම්බු නම් සමාගමකින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 2ක සංඛ්‍යාවක් මිලදීගෙ ඇති බවයි.
මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 2200ක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
එම සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා අනුමැතිය ඉල්ලා ඇති නමුත්, අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බැවින් ඊට අනුමැතිය ලබාදී නැති බවද ඇමතිවරයා පැවැසීය.
මෙම අයථා ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එම වකවානුවේ රුපියල් මිලියන 6442ක් වැයකරමින් රටට PCR සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ආනයනය කර ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart