Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාට සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගලාන්ට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට අන්තර්ජාතික අපරාධ අධිකරණය(ICC) විසින් ගත් තීරණය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හෙළාදැක තිබේ.
හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කරගත් බව පවසමින් අන්තර්ජාතික අපරාධ අධිකරණය සාවද්‍ය ලෙස ඔවුන්ට චෝදනා කරන බව ද නෙතන්‍යාහු පවසයි.
සිවිල් වැසියන්ගේ ජීවිත හානි වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සිය බලයෙන් හැකි සෑම දෙයක්ම කරන විට මෙම චෝදනා එල්ල වන බව ද ඔහු පවසා තිබේ.
හමාස් සංවිධානයේ හිටපු නායකයකු වූ ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ, මොහොමඩ් ඩීෆ්ට ද අන්තර්ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් ද නිකුත් කර ඇත.
ඔහුව ජූලි මාසයේදී ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි.
කෙසේවෙතත් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ විනිසුරුවන් පැවසුවේ, ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධයේදී අපරාධ සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් තිදෙනා සාපරාධී වගකීම දරන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බවයි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල නිලධාරීන්ට එරෙහි අන්තර්ජාතික අපරාධ අධිකරණයේ පියවර “අමුතු ක්‍රියාවක්” ලෙස හැඳින්වීය.
“අන්තර්ජාතික අපරාධ අධිකරණය කුමක් ඇඟවුම් කළත්, ඊශ්‍රායලය සහ හමාස් අතර කිසිදු සමානකමක් නැත” යනුවෙන් බයිඩ්න් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
“අපි සැම විටම ඊශ්‍රායලයේ ආරක්ෂාවට එල්ල වන තර්ජනවලට එරෙහිව ඔවුන් සමඟ සිටිමු.” යනුවෙන් ද ඔහු සඳහන් කර තිබේ.
එමෙන්ම අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් එල්ල කරන ලද චෝදනා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය යන දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කරයි.
අන්තර්ජාතික අපරාධ අධිකරණයට මෙලෙස වරෙන්තු නිකුත් කළ හැකි නමුත්, එම ඊශ්‍රායලයට එරෙහිව එම නියෝග ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බැවින් එම ආයතනය ‘දත් නැති කොටියෙක්’ ලෙස ඇතැම් පාර්ශ්ව හඳුන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart