November 8, 2023

මෝසම් කාලගුණය වෙනස්වීමත් සමඟ මේ දිනවල මුහුදු ප්‍රදේශවල ‘ගොන්මහ-ගල් මාළු'(Gonmaha-Stone Fish) නමැති උග්‍ර විෂ සහිත මත්ස්‍ය විශේෂය සැරිසැරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව පරපෝෂිත විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජනක රූබන් පවසයි.

මෙම මත්ස්‍ය විශේෂය අධික විෂ සහිත වුවද මුහුදේ සිටින මිනිසුන්ට හෝ කිසිදු ජීවියකුට පහර නොදෙන බව ඔහු ජනමාධ්‍ය වෙත සඳහන් කළේය. මෙම මත්ස්‍යයා ගල්පර ආශ්‍රිතව වාසය කරන්නෙකි.

කෙසේවෙතත් මෙම මසුන් අත්වැරදීමකින් හෝ පෑගීම හේතුවෙන් කිහිපදෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට පසුගියදා ඇතුළත් කළ බව වාර්තා විය.

මෙම මත්ස්‍යයාගේ විෂ ස්පර්ශ කරන විට හෝ පෑගීමේදී බරපතල තුවාල සිදුවිය හැක.

මෙම ජලජ සත්වයාගේ මන්දගාමී චලනය හේතුවෙන් උපස්ථරය අතර හොඳින් සැඟවී සිටීමේ හැකියාව ඇති අතර, සමහර විට උන්ගේ සිරුරු ඇල්ගී වලින් පවා වැසී ඇත.

මෙම ගල් මාළුවා ලංකාවේ බොහෝ ප්‍රදේශවල මුහුදේ සැරිසරන බව පෙන්වාදෙන වෛද්‍ය රූබන්, මෙම මත්ස්‍ය විශේෂය ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි බොහෝ රටවලද දක්නට ලැබෙන බව වැඩිදුරටත් සඳහන් කරයි.

ගල් මාළුවාගේ පිටේ කටු කිහිපයක් ඇති බවත්, මෙම කටුවලට පෑගීම මඟින් වස ශරීරගත වන බවත් වෛද්‍යවරයා පෙන්වාදුන්නේය. එහිදී දැඩි වේදනාවක් ඇති වන බවද පැවසේ.

එබැවින් මේ දිනවල මුහුදේ දිය නෑමේදී ප්‍රවේසම් වන ලෙසත්, දියනෑමේදී සෙරෙප්පු පැළඳ සිටින ලෙසත් වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

මුහුදේදී මෙම මත්ස්‍යයාගේ දෂ්ට කිරීම්වලට ලක් වුවහොත් වහාම මුහුදෙන් ගොඩට පැමිණ කඩිනමින් පියවර ගෙන ප්‍රතිකාර සඳහා රෝහලට යායුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

42.31%
17.27%
32.76%