
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි.
ළමා රිජ්වේ ආර්යා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ, වාර්ෂිකව අවුරුදු නිවාඩු කාලය තුළ ළමුන් සම්බන්ධ අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි.
රතිඤ්ඤා ආශ්‍රිත සිදුවීම් සහ මාර්ග අනතුරු හේතුවෙන් උත්සව සමයේ ළමුන් විශාල ප්‍රමාණයක්සංඛ්‍යාවක් රෝහල්ගතවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින් මව්පියන් සහ භාරකරුවන් සෑම විටම දරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිය යුතු බව ද වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, විශේෂයෙන් අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ බීමත්ව රිය පැදවීම හේතුවෙන් සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව ද ඉහළ යන බවයි.
මීට අමතරව මෙම කාලය තුළ ළමුන් සැලකිය යුතු ප්‍රමාණයක් පාචනයට ගොදුරු වන බව පවසන වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කරන්නේ, තම දරුවන් පරිභෝජනය කරන ආහාර පිළිබඳව මාපියන් අවධානයෙන් සිටිය යුතු බවයි.
රට තුළ උණුසුම් කාලගුණයක් පවතින බැවින් අලුත් අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වන දරුවන් විජලනයට ලක්වීම වැළැක්වීම සඳහා දරුවන් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන බවට වගබලා ගත යුතු බවට ද ඔහු උපදෙස් ලබාදෙයි.
චර්ම රෝග වැළැක්වීම සඳහා නිරන්තරයෙන් සහ බොහෝ වේලාවල් දරුවන්ට නෑමට ඉඩදෙන ලෙස ද ඔහු මව්පියන්ට පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart