August 31, 2024

ජයිකා (JAICA) අරමුදල් මතභේදාත්මක මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ පංච පුද්ගල කමිටුවක් විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාකිරීමට අපොහොසත් වී ඇති බව සොයාගැනීමත් සමඟ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතිඥ කවුන්සිලය, එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්නට ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඒකමතිකව ඉල්ලා තිබේ.

එතෙක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාගේ බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක නොකරන ලෙසට නීතිඥ කවුන්සිලය විසින් කෞෂල්‍ය නවරත්නට නියෝග කර ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය JICA ආයතයනය සමඟ ඇතිකරගත් කොන්ත්‍රාත්තුවට අදාළව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බව පංච පුද්ගල කමිටුව සිය වාර්තාවේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සභාපතිවරයා ලෙස ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ කර ඇති බව කමිටුව වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

මේ අතර ධූරයෙන් ඉල්ලා අස්වූ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්සගේ අනුප්‍රාප්තිකයා ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස තේරීපත්වී ඇත.