September 20, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ රටින් පිටව ගොස් ඇත.

අද පෙරවරුවේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු රටින් පිටව ගිය බව ගුවන්තොටුපොළ වාර්තා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ ඩුබායි සිට ඇමෙරිකාව බල පිටත්වන බව පැවැසේ.

මීට පෙර මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමග බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවට පිටත්ව ගියේය.