Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාණිජ බැංකුවකින් ණය ලබාගැනීම සඳහා ණය ලබාගන්නා පුද්ගලයා හැර තෙවැනි පාර්ශ්වයක් සතු දේපළක් උකසට තබා ඇති විටෙක සහ ඒ මත ලබාගෙන තිබූ ණය ආපසු නොගෙවීමකදී උකසට තැබූ දේපළ පරාටේ ක්‍රමය ක්‍රියාත්මක කර විකුණා ලබාදුන් ණය ආපසු ලබාගැනීම වළක්වාලමින් බලපැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් අධිතීරණය කර ඇත.
ඒ සමඟ එතැන් සිට ඉහත කී පැරණි තීන්දුව නිෂ්ප්‍රභ වී තිබේ.
මෙකී ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ල ලබාදුන් තීරණය හේතුවෙන් යම් ණය මුදලක් ලබාගැනීම සඳහා උකසට තැබූ දේපළ ණය හිමියාගේ නොව වෙනත් පාර්ශ්වයකගේ වුවද ණය ආපසු නොගෙවීමකදී එම ණය ආපසු ලබාගැනීම සඳහා එකී උකසට තැබූ දේපළ පරාටේ නීතිය අනුව විකුණා නොපියවූ ණය පියවා ගැනීමට ණය ලබාදුන් වාණිජ බැංකුවට හැකියාව ලැබේ.
ණය හිමියා නොවන තෙවැනි පාර්ශ්වයකට අයත් දේපළක් උකසට තබා ඇති අවස්ථාවක ණය අයකර ගැනීම සඳහා එම දේපළ විකිණීමට මෙතෙක් වාණිජ බැංකුවලට නොහැකි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදී තිබූ වෙල්ලයියා රාමචන්ද්‍රන් නඩුවේ තීන්දුව හේතුවෙනි.
එම නඩුවේදී විනිසුරුවන් පස්දෙනාගෙන් හතරදෙනකුගේ එකඟතාවයෙන් යුතුව තීන්දුව නිකුත් කර තිබිණි.
එකී නඩු තීන්දුව දෝෂ සහගත බැවින් එය අධිතීරණය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක් ඒකමතික තීන්දුවක් ලබාදෙමින් පසුගියදා ප්‍රකාශ කළහ.
මෙකී සත් පුද්ගල විනිසුරු මඩුල්ලට බුවනෙක අළුවිහාරේ, මුර්දු එන්. බී. ප්‍රනාන්දු, ජේ.එස්. තුරෙයිරාජා, ජේ.ඒ.ඊ.ජී.ආර්. අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන යන විනිශ්චයකාරවරු අයත්විය.
මෙතෙක් බලපැවත්වූ නඩු තීන්දුව හේතුවෙන් ලබාදුන් ණය අය කර ගැනීම සඳහා පරාටේ ක්‍රමය ක්‍රියාත්මක කළ නොහැකිව වාණිජ බැංකු විශාල වශයෙන් අගතියකට පාත්‍ර වූ බවත්, ණය අයකර ගැනීමේ ක්‍රමවේදය නතරව මුදල් සංසරණය අවහිර වූ බවත්, වෙල්ලයියා රාමචන්දන් නඩුවේ තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලා කළ අයැදුමේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු කියාසිටියහ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart