February 8, 2025

ගිනි අවි සන්තකයේ තබාගෙන සිටි බැංකු සේවකයෙකු තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ගිනි අවි 5ක් හමුවී ඇතැයි පැවසේ.

එමෙන්ම සැකකරු සතුව තිබූ එක් ගිනි අවියකට බලපත්‍රයක් නොතිබූ බව ද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%