January 17, 2024

බංග්ලාදේශ කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක නසීර් හුසේන්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පනවා තිබේ.

ඒ, අබුඩාබි T10 ලීගයේ 2020-21 වාරය තුළ එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙනි.

ඒ අනුව, 2025 අප්‍රේල් 07 වැනි දින නැවත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාකිරීමට බංග්ලාදේශ කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක නසීර් හුසේන්ට අවස්ථාව හිමිවේ.

එතෙක් ඔහුට ක්‍රිකට් තහනම බලපැවැත්වෙනු ඇත.