42.31%
17.27%
32.76%
August 15, 2024

බංග්ලාදේශයේ නව අගමැති මුහම්මද් යුනුස් සිය රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහාය ඉල්ලා ඇති බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති යූනුස්ට සුබ පැතීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන් කතා කළ අවස්ථාවේදී බංග්ලාදේශය ස්ථාවර කිරීමට වික්‍රමසිංහගේ සහාය අවශ්‍ය බව ඔහු විසින් දන්වා ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශයට සහාය දැක්වීමට ශ්‍රී ලංකාව උපරිමයෙන් කටයුතු කරන බව ජනාධිපති වික්‍රමසිංහ අගමැති යූනුස්ට පවසා තිබේ.

බංග්ලාදේශයේ ආයෝජන කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට එහි රැඳී සිට ව්‍යාපාර කරගෙන යන ලෙස තමන් දැනුම්දුන් බවද ඔහු අගමැති යූනුස්ට පවසා ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%