Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසලක විදුහල්පතිවරයකුගෙන් එහි කම්කරු තනතුරුලාභී සේවිකාවකට දිගින් දිගටම අනවශ්‍ය බලපෑම් එල්ලවීමේ සිදුවීමක් පිළිබඳව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මාස ගණනාවක සිට මෙම විදුහල්පතිවරයා මෙසේ රාජකාරිය නිදහසේ සිදුකරගෙන යෑමට ඉඩනොදී මානසිකව හා කායිකව හිරිහැර සිදුකරන බවට එම සේවිකාව කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
මෙම සිදුවීමේ සත්‍ය – අසත්‍යතාව සොයාබලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයට දැනුම් දුන් බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ රෝහිත් අමරදාස පවසයි.
ඒ අනුව, එළැඹෙන සතිය තුළ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අදාළ පාසලට ගොස් තොරතුරු ලබාගැනීමට නියමිත බව පැවැසූ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා, එම විමර්ශන වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කරයි.
එකී විදුහල්පතිවරයා මාස ගණනාවක සිට මෙසේ තමන්ට රාජකාරිය නිදහසේ සිදුකරගෙන යෑමට ඉඩ නොදී මානසිකව හා කායිකව හිරිහැර කරන බවට මෙම සේවිකාව පොලිසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කර තිබේ.
විදුහල්පතිවරයාගේ අනවශ්‍ය ඉල්ලීම්වලට කැමැත්ත ප්‍රකාශ නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වයට මුහුණදීමට සිදුව ඇතැයිද එම සේවිකාව සඳහන් කර ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධම්මික හේරත් සඳහන් කළේ, මෙම සේවිකාව තමා හමුවී මාරුවීමක් ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඒ සඳහා අනුමැතිය ලබාදුන් බවත්ය.
එහෙත් විදුහල්පතිවරයාගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් එම කලාපය තුළ රාජකාරි කිරීමට නොහැකි යැයි ඇය පවසන බවත්, ඒ අනුව ඇය ඉල්ලා සිටින පාසලට ස්ථාන මාරුවීම සකසා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන සකස්කර ගෙන එන ලෙසට දැනුම් දුන් බවත්ය.
එසේම මෙම කාරණය පොලිස් මූලස්ථානය, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය, බණ්ඩාරවෙල පොලිස් ස්ථානවලටද පැමිණිලි කර ඇත.
අමතරව ඌව පළාත් ආණ්ඩුකාරවරයා, පළාත් අධ්‍යාපන ලේකම්වරයා සහ බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයටද දැනුම් දී තිබේ.(මව්බි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart