Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරගම ප්රාදේශීය සභාවේ ලේකම්වරිය ස්ථාන මාරුකිරීමට මැදිහත් වී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන බවට චෝදනා කරමින් එම සභාවේ සේවක පිරිස අද (14) බණ්ඩාරගම ප්රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
බණ්ඩාරගම යනු රෝහිත අබේගුණවර්ධනට අයත් ආසනයක් නොවන බවත්, එමනිසා මන්ත්රීවරයාට එසේ ස්ථාන මාරු කිරීමට අයිතියක් නැති බවත්, ඔවුහු පවසති.
ඔවුන් එහිදී මෙසේද පැවසූහ.
” ඒ අය මේක කරන්න අරක කරන්න කියලා යෝජනා ඉදිරිපත් කළවිට ඒවාට ලේකම්වරිය අවනත වුණේ නෑ. එහි ප්රථිපලය විදියට අද ලේකම්වරියට මාරුවීමක් දෙන්න උත්සාහ කරනවා. මේකේ පිටිපස්සේ ඉන්නේ දේශපාලනයේ අවතැන් වෙලා කාණු ගැට්ටේ ඉන්න රෝහිත අබේගුණවර්ධන කියන දේශපාලාඥයා. අපි ඔහුට චෝදනා කරනවා. ඔහු තමයි මේ ලේකම්වරිය මාරුකරන්න කියලා අණ කරන්නේ.
තව මාස 08ක් යනකොට කාණු ගැට්ටෙන් කාණු පල්ලට වැටෙන්න ඉන්න රෝහිතට අපි කියනවා මේ වැඩේ කරන්න එපා. ඔයාට අයිති ආසනය නෙවෙයි මේක. ඔයා මෙතෙන්ට ඇවිල්ලා නිලධාරීන්ට බලපෑම් කරමින් මේ කරන්න යන වැඩේ අපි හෙළාදකිනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart