Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරගම නාමළුව ආරණ්‍ය සේනාසනයේ අධිපති හිමියන් වැඩවසන ආවාස ගෙට ඊයේ (25) පොහොය දින අලුයම ඇතුළු වූ පුද්ගලයකු වාලම්පූරියක් ඇතුළු වටිනා දේපළ සොරාගෙන ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
සොරාගෙන ගිය දේපළ අතර මැණික් ගල් දෙකක්, වාලම්පුරියක් සේනාසනාධිපති හිමියන්ට පරම්පරාවෙන් හිමි වූ රනින් නිමවන ලද හවඩියක කොටසක් ද වන බව පොලිසියේ ප්‍රකාශකයෙක් පවසයි.
මාස තුනක පමණ කාලයක සිට මෙහි වැඩසිටින නායක භික්ෂුව හොරණ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බව පැවැසේ.
ආරණ්‍ය සේනාසනයේ වැඩවසන තවත් භික්ෂුවක වන අලුබෝමුල්ලේ ධම්මරතන හිමියන් ඊයේ (25) අලුයම පහට පමණ පිරිත් විකාශනය කිරීම සඳහා එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට විහාරාධිපති හිමියන්ගේ ආවාස ගෙට පැමිණි අවස්ථාවේදී දොර විවෘත කර තිබෙනු දැක ඇත.
ඉන් අනතුරුව ධම්මරතන හිමියන් තවදුරටත් විපරම් කිරීමේදී දෙවැනි දොරේද ඉබි යතුරු කඩා ඇති අයුරු දැක ගන්නට ලැබී දුරකතනය මගින් සේනාසනාධිපති හිමියන්ට ඒ බව දැනුම් දීමෙන් අනතුරුව තෙවැනි කාමරයේ තිබෙන යකඩ අල්මාරිය කඩා ඇතිද යන්න සොයාබලන ලෙස ඒ හිමියන්ට පවසා තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව ධම්මරතන හිමියන් එම කාමරයට ගොස් සොයාබැලීමේදී යකඩ අල්මාරිය ද විවෘත කර ඇති අයුරු දැක විහාරාධිපති හිමියන්ට ඒ බව දැනුම් දී ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart