August 17, 2024

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය ඇණවුම අද (17දා) මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයට භාරදීමට නියමිතය.

ඡන්ද පත්‍රිකාව මුද්‍රණය සඳහා පෙර සෝදුපත් බැලීම ඊයේ දිනයේදී සිදු කර ඇති අතර එම කටයුතු අද අවසන් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

සෝදුපත් කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ වෙයි. මුද්‍රණ කටයුතු ඉතා රහස්‍යභාවයෙන් සිදුකරන අතර රජයේ මුද්‍රණාලයට අවශ්‍ය ආරක්ෂාව යෙදීමටත් කටයුතු කර ඇති බවද හෙතෙම කීය.

මෙවර ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතර දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

(දිවයින)

42.31%
17.27%
32.76%