Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලදිවයිනේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මැලේසියාව යන රටවල ද ඡන්ද පෙට්ටි ස්ථානගත කරන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
මාලදිවයින් ජාතිකයන් 11,000ක් පමණ විසින් තම ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානයකට ගෙන යෑමට ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.
අප්‍රේල් 21 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී සඳහා සිය ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානයකට ගෙන යෑමට ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ දින හයක කාලය සෙනසුරාදා අවසන් වූ බව මැතිවරණ කොමිසමේ නිවේදනයක් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
මාලදිවයිනේ මැතිවරණය සඳහා අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නැවත ලියාපදිංචි වීමෙන් පසු කේරළයේ අගනුවර වන ත්‍රිවන්ද්‍රම් (තිරුවනන්තපුරම්), ශ්‍රී ලංකාවේ කොළඹ සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් යන නගරවල ඡන්ද පෙට්ටි තැන්පත් කරන බව එරට මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.
“කලින් වගේම ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ ඕනෑ තරම් පිරිසක් ලියාපදිංචි වුණා. ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම්හි පුද්ගලයින් 150 දෙනෙකු ලියාපදිංචි වී ඇති නිසා , අපි එහි ඡන්ද පෙට්ටියක් තැබීමට තීරණය කළා , ” යනුවෙන් මැතිවරණ කොමිසමේ මහලේකම් හසන් සකාරියා පැවසීය.
මෙම කාලසීමාව තුළ විවිධ ඡන්ද මධ්‍යස්ථානවලින් නැවත ලියාපදිංචි වීමට ඉල්ලුම්පත්‍ර 11,169ක් ලැබී ඇත.
ඉන් ආකෘති පත්‍ර 1,141ක් ප්‍රතික්ෂේප වී ඇති අතර, ඒඅනුව මුළු නැවත ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව 10,028ක් බව වාර්තා වේ.
පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර නැවත ලියාපදිංචි වූ පුද්ගලයන් සංඛ්‍යාව අඩු බව පෙන්වා දුන් සකරියා කියා සිටියේ එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තායිලන්තය තුළ ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර සිදු නොවන බවයි.
මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණය ඉරිදා පැවැත්වීමට නියමිතව තිබුණද, රාමසාන් මාසය තුළ මැතිවරණ පැවැත්වීමෙන් වළකින පනතක් සංශෝධනය කිරීමෙන් පසු නිල ඡන්ද විමසීම් දිනය කල් දමන ලදී.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 21 වැනිදා පැවැත්වීමට නියමිතය.
මාලදිවයිනේ මැතිවරණ සඳහා පාර්ලිමේන්තු ආසන 93ක් වෙනුවෙන් අපේක්ෂකයන් 389 දෙනෙකු තරඟ වදින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් සිටින්නේ ආසන 90කට තරඟ කරන ඉන්දියාවට ගැති ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් වන අතර, ඉන් පසුව මාලදිවයිනේ ප්‍රගතිශීලී පක්ෂය සහ මහජන ජාතික කොන්ග්‍රසයේ ප්‍රධාන පාලක සන්ධානය ආසන 89ක් සඳහා තරග කරයි.
මහජන ජාතික කොන්ග්‍රසයට අයත් මාලදිවයිනේ චීන හිතවාදී ජනාධිපති මොහොමඩ් මුයිසු පසුගිය වසරේ බලයට පත්වූයේ ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක සිටිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart