December 27, 2023

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහිතව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුදාහැර ඇත.

ඔහු සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) වාර්තා කළ යුතුය.

සොමිපාල රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවී තිබිණි.

ඒ, කතරගම මහා දේවාලයට පූජාකළ රන් තැටියක් අස්ථානගත වීම සම්බන්ධයෙනි.

මිට පෙර මෙම සම්බන්ධයෙන් දේවාලයේ ‘චූටි කපුවා’ පොලිසිය අත්අඩංගුවට තිබිණි.

මෙම මහ කපුවා දින ගණනාවක් සිට අතුරුදන්ව සිටියේය.

42.31%
17.27%
32.76%