Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සුපිරි හෝටලයක සිටියදී පසුගියදා සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් හත්දෙනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියමකර තිබේ.
රුපියල් මිලියන 75ක මුදලක් නීතිවිරෝධී ලෙස අමෙරිකානු ඩොලර්වලට මාරුකිරීමට උත්සාහ කළ මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.
දෙසැම්බර් 08 වැනිදා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
කොළඹ 03 පිහිටි තරු පන්තියේ හෝටලයක පිස්තෝලයක් අතැතිව චීන ජාතිකයන් පිරිසක් සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය සිදුකළ වැටළීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
වැටළීමේදී හෝටලයේ පස්වන මහල පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන 75ක මුදල් සහ පිස්තෝලයක් සමඟ ශ්‍රී ලාංකික තරුණයන් හත්දෙනකු පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඔවුන් අතර කිසිදු චීන ජාතිකයකු නොසිටියේය.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ ඔවුන් රාගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවකයන් බවත්, එම ආයතනයෙන් ලැබුණු චෙක්පතක් ඩොලර්වලින් හුවමාරු කිරීමට ගෙනැවිත් මාරුකර අදාළ මුදල ලබාගෙන ඇති බවත්ය.
සැකකරුවන් වැඩිදුරටත් පවසා ඇත්තේ ඩොලරයක් රුපියල් 316කට හුවමාරු කර ඩොලරයක් රුපියල් 320ට නැවත විකිණීමට සූදානම් වූ බවයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී මෙවැනි මුදල් හුවමාරු සිදුකළ බවටද එම පිරිස පාපොච්චාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart