December 31, 2024

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ හිමිකරුවන් නොමැති ගමන් මලු විකිණීමට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ව්‍යාජ දැන්වීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපොළ ජනතාවට දැනුම්දෙයි.

Facebook ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපොළ ජනතාවට දැනුම්දෙන්නේ, බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපොළ ලෙස පෙනීසිටින නිල නොවන සමාජ මාධ්‍ය පිටු සහ වෙබ් අඩවි හිමිකම් ප්‍රකාශ කිරීමට නොහැකි ගමන් මලු විකිණීමට ලබාදෙන බවට ප්‍රකාශ කරන සමාජ මාධ්‍ය පිටු පිළිබඳව දැනගැනීමට ලැබී බවයි.

මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එයාර්පෝට් ඇන්ඩ් එවියේෂන් සර්විසස් ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් එවැන්නක් සිදුකර නොමැති බවත් බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපොළ දන්වා සිටියි.

“බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපොළෙන් යැයි කියන වෙළඳ දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී විමසිලිමත් වන ලෙස අපි සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමු. ඔබ එවැනි වෙළඳ දැන්වීම් දුටුවහොත්, එම පිටු වංචාවක් ලෙස වාර්තා කරන්න,” යැයි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපොළ ජනතාවට දැනුම්දෙයි.

පහත සඳහන් සිය නිල සමාජ මාධ්‍ය නාලිකාවල නිල යාවත්කාලීන කිරීම් මත පමණක් විශ්වාසය තබන ලෙස ද කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපළ වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 Bandaranaike International Airport

𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 instagram.com/bia_srilanka

𝐓𝐰𝐢𝐭𝐭𝐞𝐫 twitter.com/BIA_SriLanka

𝐖𝐞𝐛𝐬𝐢𝐭𝐞 www.airport.lk

42.31%
17.27%
32.76%