December 8, 2023

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2019 සහ 2022 අතර ශ්‍රී ලංකාව වාර්ෂික උපත් අනුපාතිකයේ සැළකිව යුතු අඩුවීමක් වාර්තා වී ඇත.

2014 වසරේ සිට අඛණ්ඩ උපත් අනුපාතිකයේ අඩුවීමක් දක්නට ලැබුණද, 2019 සිට 2022 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් අනුපාතිකයේ විශාල අඩුවීමක් පවතින බව දත්ත පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, 2023 ජූලි 01 වනවිට උපත් 268,920ක් වාර්තා වී ඇති අතර 2022 වසරේ වාර්තා වී ඇති මුළු උපත් සංඛ්‍යාව 275,321ක් බවයි.

2022ට සාපේක්ෂව 2023 වසරේ ලියාපදිංචි උපත් සංඛ්‍යාව 6,401ක අඩුවීමක් වාර්තා වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය වසරවල දත්ත අනාවරණ කරමින් දෙපාර්තමේන්තුව පැවසුවේ, 2021 වසරේ උපත් 284,848ක් වාර්තා වී ඇති අතර 2020 වසරේදී උපත් 300,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

සමාජීය හා ආර්ථික බාධාවන්, උපත් පාලන සැලසුම්, පවුල් සැලසුම් ක්‍රම සහ ගෝලීය වසංගත වැනි විවිධ හේතූන් දරුවන් නොසෑදීමේ තීරණවලට දායක වී ඇතැයි සැළකේ.

42.31%
17.27%
32.76%