July 9, 2024

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේනගේ ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් නොතකා ඇයව නොසළකා හරිමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස රජය විසින් පත්කර ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ ගැටලුව මතුකරමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි කවිරත්න චෝදනා කරයි.

තවද, ‘කාන්තා සවිබල ගැන්වීමේ පනත’ පාර්ලිමේන්තුවේ සම්මත කර සති දෙකක් ගත වී ඇති බවද රෝහිණි කවිරත්න පෙන්වාදුන්නේය.

රජය අන්තර්ජාතික ප්‍රජාවට ප්‍රගතිශීලී ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීම සඳහා විවිධ පනත් හඳුන්වා දෙන අතරම, කාන්තාවන් හඳුනාගෙන ඔවුන්ට අවස්ථාවන් ලබාදීමේ ක්‍රියාමාර්ග අවම කර ඇතැයිද ඇය පැවසුවාය.

“ඒ කාන්තාව නොසළකා හැර වෙනත් අයෙකු එම තනතුරට පත්කළේ කුමන පදනමක් මතදැයි මට දැනගත යුතුයි,” ඇය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාය.

42.31%
17.27%
32.76%